How to Create a Website in Sinhala

How to Make a WordPress Website in Sinhala

In this “How to Create a Website” tutorial you will learn to make a website in Sinhala step by step.

ඔයාටත් website එකක් හදා ගන්න ඕනෙද? එත් HTML/CSS වගේ coding දන්නේ නැත්ද? එහෙනම් ඔයා ඇවිල්ල ඉන්නේ හරිම තැනට.

වෙබ් අඩවියක් හදන්න හිතාගෙන ඉන්නවනම් ඒකට හොඳම platform එක තමයි WordPress කියල කියන්නේ.

මේකට හේතුව තමයි Coding දැනුමකින් තොරව ඔයාට Professional වෙබ් අඩවියක් WordPress මගින් හදන්න පුළුවන් වෙන එක.

ගොඩක්ම ලේසියෙන් ඔයාට ඔයාගෙම website එකක් හදා ගන්න හැටි මේ පොස්ට් එක අවසාන වෙද්දී ඔයාට ඉගන ගන්න පුළුවන් කියන එක මට විශ්වාසෙන් කියන්න පුළුවන්.

මෙන්න මේ පියර තුන ඔස්සේ තමයි මං ඔයාට ඔයාගේ website එක හදන හැටි පෙන්නන්න යන්නේ.

website එක හදන්න පටන් ගන්න කලින් මං WordPress ගැන පොඩ්ඩක් කියන්නම් මොකද ඒක Powerfull CMS එකක්.

මේ වෙන කොට ලෝකයේ WordPress භාවිතය ඉතාමත් වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. මේකට ප්‍රධානම හේතුව තමයි, WordPress වල තියෙන පහසු බව. 

ඕනෑම කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් තමන්ගේම වෙබ් අඩවියක් හදන්න පුළුවන්.

පහල තියෙන්නේ 2019 වෙනකොට WordPress භාවිතා කරන ප්‍රමාණය. මේ වන විට අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් 34% වඩා වැඩි ප්‍රමාණයක් WordPress මත තමයි හදලා තියෙන්නේ.

WordPress market Share 2019

ඔයාට ඔයාගේ ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන විදියට වෙනස් කම් කරලා, තමන්ට ඕන විදියට වෙබ් අඩවිය හදා ගන්න අපිට පුළුවන්කම තියෙනවා.

එක නිසා මේ How to Make a WordPress Website in Sinhala පොස්ට් එක ඔයාගේ වෙබ් අඩවි නිර්මාණ සිහිනය සැබෑ කරනවා විතරක් නෙමේ, ඔයාට ලොකු දැනුමක් ලබා දෙනවා.


Domain සහ Hosting ලබා ගැනීම

1. Domain එකක් තෝරා ගැනීම

වෙබ් අඩවියක domain එක කියල කියන්නේ වැදගත් දෙයක්. කගේ හරි නමක් වගේ වෙබ් අඩවියේ නම තමයි Domain එක. ඔයාගේ වෙබ් අඩවියට නමක් තොර ගද්දි මෙන්න මේ ගැන හිතල තෝරාගන්න.

  • ඔයාගේ වෙබ් අඩවියේ තියෙන දේවල් වලට ගැලපෙන එකක් විය යුතුයි.
  • කෙටි සහ ඉක්මනින් මතක තබා ගත හැකි එකක් විය යුතුයි.
  • Type කරන්න කියවන්න පහසු එකක් විය යුතුයි.
  • .com , .net , .lk වැනි extension එකක් භාවිත කිරීම.

ඔය දේවල ගැන හිතල ඔය domain එකක් තෝරාගන්න. ඊට පස්සේ බලන්න ඕන දේ තමයි ඔයාගේ domain එකක් available ද කියල. ඒ කියන්නේ එක වෙන කෙනෙක් දැනටමත් අරන් තියෙන්න පුළුවන්.

මේකටයි, ඔයාට හොද Domain එකක් හම්බුනේ නැත්තන් මන් මේ කියන ටූල් එක පාවිච්චි කරලා ඔයාට හොද domain එකක් හොයා ගන්න පුළුවන් වෙයි.

Namesh කියල වෙබ් අඩවියක් තියෙනවා. මේ site එකට ගිහින් ඔයාගේ හිතේ තියෙන Domain එක එකේ type කරන්න. උදාහරණයක් විදියට ඔයා හදන්නේ news, ගොස්සිප් තියෙන වෙබ් අඩවියක්නම්, ගොඩක් වෙලාවට lankagossip, gossiplanka වගේ domain එකක් හිතල ඇති. ඒ හිතපු එක Namesh site එකේ search කරාම ඔයාට හොඳ domain එකක් හොයාගන්න පුළුවන් වෙයි.

2. Hosting සේවාවක් ලබා ගැනීම සහ Domain එක Register කිරීම.

WordPress කියන්නේ නොමිලේ ලබා දෙන සේවාවක්. අපිට වෙබ් අඩවියක් හදනකොට වියදමක් යන්නේ Domain එකටයි, hosting එකටයි.

Domain එකට රු. 2000ක් වගේ මුදලක් වසරකට අය කරනවා. මුළු අවුරුද්දටම තමයි මේ ගාන. හරිම සාධාරණයි. ඊළගට Hosting සේවාවට අවුරුද්දට රු.9000ක් වගේ මුදලක් අය කරනවා.

දැන් අපි Hosting service එකක් අරගන්න යන්නේ. Hosting කියල කියන්නේ වෙබ් අඩවියකට ගොඩක් වැදගත් දෙයක්. Hosting කියන්නේ මොකක්ද කියලා සරලව කියල කිව්වොත්, අපේ වෙබ් අඩවියේ හැම දෙයක්ම (පෝස්ට්ස්, photos..) මේ Hosting කරන company  එකේ server එකක තියන්නේ.

Hosting provider ගේ Performance මත තමයි ගොඩක් වෙලාවට අපේ වෙබ් අඩවියේ වේගය රඳා පවතින්නේ. එක නිසා අපි Hosting සේවාවක්තොරගද්දී ගොඩක් කල්පනාවෙන් එක කරන්න ඕනේ.

මන් පාවිච්චි කරපු ගොඩක් Hosting providers ලා ඉන්නවා. ඒ අතරනින් a2 Hosting සහ SiteGround තමයි මට ගොඩක්ම හොඳ performance ලබා දුන්නේ. එක නිසා ඔයාලටත් මේ හොස්ටින්ග් දෙක මං recommend කරනවා.

මේ දෙකෙන් මොකක්ද හොඳ කියල ඇහුවොත් ඇත්තටම දෙකම ගොඩක් හොදයි. a2 Hosting එකේ මිල ගණන් ටිකක් මේ වෙනකොට වැඩි කරලා තියනවා. ඒක නිසා SiteGround එක්ක යන එක හොදයි කියලා කියන්න පුළුවන්.

SiteGround එකෙන් hosting අරගෙන WordPress Install කරන හැටි මන් මේ video එකේ පැහැදිලි කරලා තියෙනවා.

a2 Hosting පාවිච්චි කරනවනම් පහල විදියට කරන්න පුළුවන්.

ඔය link එකෙන් ගිහාම ඔයාට discount එකක් ලබා ගන්න පුළුවන්.

දැන් ඔයා ඉන්න web page එකෙන් GET STARTED  කියලා තියෙන button එක click කරන්න.

buy Hosting Sinhala

දැන් ඔයාට packages තුනක් බල ගන්න පුළුවන්. මේක ඔයාගේ පලවෙනි වෙබ් අඩවිය නිසා LITE package එක තෝරාගන්න. පස්සේ ඔයාට experience අවම කැමති එකකට යන්න පුලුවන්. 

LITE එකෙයි SWIFT එකෙයි තියෙන ප්‍රධානම වෙනස තමයි LITE එකේ අපිට එක WordPress වෙබ් අඩවියක් විතරයි host කරන්න පුළුවන්. නමුත් Swift එකේ ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් Host කරන්න පුළුවන්.

ඔයාට අදහසක් තියනවනම් website කිහිපයක් හදන්න Swift Package එක තොර ගන්න.

a2 hosting plans - hosting sinhala

ඔයාගේ කැමැත්ත අනුව ඔයා කැමති package එක තොර ගන්න. මන් LITE package එකෙන් ඉස්සරහට කරගෙන යන්නම්. package එක මොකක් උනත් කරන විදිය එකමයි.

ඊලග page එකේදී ඔයා තෝරගත්ත Domain එක දීල Check කියන එක click කරන්න. එතකොට ඔයාගේ Domain එක Available කියල පෙන්නයි. දැන් Continue button එක click කරන්න.

Get web Hosting sinhala

ඊලග page එකට ගියාම bill එක හදන්න ඕනේ කාල සීමාව වගේ තොරතුරු දෙන්න ඕනේ.

ඔයාට මාසෙන් මාසෙට ගෙවන විදියට ගන්න පුළුවන්. එහෙම ගත්තොත් හැම මාසෙම 10$ක් ගෙවන්න ඕනේ.

එහෙම නැත්තන් හොදම දේ තමයි අවුරුද්දකට ගෙවලා ගන්න එක. එහෙම ගන්නකොට තියෙන වාසිය තමයි මාසෙකට වැටෙන්නේ රු. 600ක් වගේ මුදලක්. එක ගොඩක් අඩු ගානක්.

ඔයාට කැමති billing cycle එක තෝරන්න. මන් කියන්නේ 12 Months ගන්න. එකෙන් ගොඩක් ඔයාට ඉතුරු වෙනවා.

ඊළගට Server Location කියල Option එකක් තියනවා. එතනින් Singapore/India select කරන්න. දැන් Continue click කරන්න.

Select a2 Hosting billing cycle

ඊළගට එන Page එකේ “ID Protection” කියන තැන තියෙන “හරි” ලකුණ අයින් කරලා Continue Button එක click කරන්න.

ඊළගට එන page එකෙනුත් මුකුත් නොකර Continue දෙන්න.  දැන් ඔයට ඔයාගේ Order එකේ summery එක පෙන්නවා. ඕක තමයි අවුරුද්දටම ඔයාට වියදමකට කියල යන්නේ. Checkout කියන එක Click කරන්න.

දැන් තියෙන Page එකේ ඔයාගේ නම, ලිපිනය වගේ දේවල් දෙන්න ඕනේ. Postal Code එක දන්නේ නැත්තන් ඔයා ඉන්න පැත්තේ, Google එකේ search කරන්න. උ.දා : Negombo Postal Code .

Password එකකුත් දුන්නට පස්සේ ඔයාට පෙන්නනවා ඇති Security Question කියල එකක් තියෙනවා. එතනින් ඔයා ප්‍රශ්නයකුයි පිළිතුරයි දීලා එක අමතක නොකර කොහේ හරි ලියලා හරි තියා ගන්න. එක ඔයාගේ identity එක ආරක්ෂා කරගන්න තියෙන එකක්.

ඊට පස්සේ ඔයාට Credit/Debit card එකකින් හරි PayPal, Skrill වගේ දේකින් Payment එක කරන්න පුලුවන්.

මේ වෙනකොට හැම බැංකුවකම වගේ Debit Card වලින් Online Payment කරන්න පුළුවන්. ඔයාට ප්‍රශ්නයක් Bank එකට call එකක් දීල අහන්න.

Payment එක කරාට පස්සේ ඔයාට E-Mail කිහිපයක් ලැබෙයි. ඒ වල ඔයාගේ hosting එකට අදාල විස්තර තියෙනවා. ඒ නිසා ඒවා පරිස්සමින් තියා ගන්න.

ඔන්න අපි Domain එක Register කරලා Hosting සේවාවකුත් ලබා ගත්තා. දැන් තියෙන්නේ WordPress Install කරන step එකට යන්න.


WordPress Install කිරීම

WordPress install කරන්න අපි cPanel එකට යන්න ඕනේ. cPanel එක හරහා තමයි අපේ website එකේ technical දේවල් කරන්න තියෙන්නේ.

Email එකක් හදා ගන්න, අලුතින් WordPress Installation එකක් කරගන්න, මතකද Hosting Package එක තොරගද්දී කිව්වා Swift එකේ වෙබ් අඩවි එකකට වඩා host කරන්න පුළුවන් කියලා. එතකොට ඒ දෙවෙනි Domain එක add කරන එක වගේ දේවල් තමයි cPanel එකෙන් කරන්නේ.

වැඩිය හිතන්න එපා එක ගැන. cPanel එකේ දැන ගන්න ඕන දේවල් ගැන WPSinhala YouTube Channel එකේ මන් Video දාල තියෙනව. ඔයාගේ වෙබ් අඩවියේ හැමදෙයක්ම වෙන්නේ WordPress Dashboard එකෙන්.

cPanel එකට යන්න පුළුවන් විදි 2ක් මං කියන්නනම්.

එකක් තමයි ඔයාගේ a2 account එක හරහා. එකට මුලින්ම a2 Account එකට log වෙන්න ඕනේ. ඒකට මේ ලින්ක් එකට යන්න. (a2 Account) ගිහින් Hosting මිලදී ගන්නකොට දීපු password email පාවිච්චි කරලා login වෙන්න.

දැන් “cPanel Login” ලින්ක් එක හරහා cPanel එකට යන්න පුළුවන්.

Login to cPanel Using a2 Account

එහෙමත් නැත්තන් ඕනෑම වෙලාවක ඔයාගේ domain name එකට පස්සේ / ලකුණ දාලා cpanel කියලා දුන්නොත් ඔයාගේ cPanel එකට log වෙන්න පුළුවන්. උ.දා : mywebsite.com/cpanel.  cPanel එකේ username සහ password එක a2 account එකට log වෙලා බලා ගන්න පුළුවන්. 

දැන් ඔයාට cPanel එක බලා ගන්න පුළුවන්. WordPress install කරන්න Softaculous Apps Installer කියන tab එක හොයා ගෙන Blogs කියන එක click කරන්න.

softaculous app installer

දැන් ඔයාට WordPress කියලා තියෙන icon එකක් බලා ගන්න පුළුවන් වෙයි. එක උඩ click කරන්න.

Wordpress in softaculous app installer

දැන් ඔයාට මේ වගේ Page එකක් පේනවා ඇති. ඔතනින් Install Now click කරන්න.

WordPress Installer in softaculous app installer

දැන් ඔයාට තොරතුරු ටිකක් ඇතුලත් කරන්න තියෙනවා. 

මුලින්ම Choose Protocol කියන එකෙන් http/https version එකද කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ web site එකට SSL තියෙනවනම් https දෙන්න ඕනේ.

a2 අපිට නොමිලේ SSL certificate එකක්  ලබා දෙනවා. එක නිසා https:// තෝරන්න. ඊළගට ඔයාගේ වෙබ් අඩවිය www එක්කද නැත්තන් නැතුවද ඕනේ කියල තෝරන්න ඕනේ. මන් www එක්ක ඕනේ කියල තෝරනවා.

www තිබ්බත් නැතත් ප්‍රශ්නයක් නැහැ. එක ඔයාගේ කැමැත්තට තෝරන්න. මගේ website එකේනම් www නැහැ. එත් කව්රුහරි www.wpsinhala.com කියල ආවත් මේ website එකටමයි එන්නේ.

ඊළගට ඔයාට ඔයාගේ Domain name එක බලා ගන්න පුලුවන්.

ඊළගට Site Settings වල  ඔයාගේ website එකේ නම දෙන්න. ඊළගට Site Description පොඩි ටැග් එකක් දාන්න වෙබ් අඩවිය ගැන.

දැන් තියෙන්නේ Admin Account විස්තර දෙන එක. Username එකකුයි Password එකකුයි, ඔයාගේ email එකයි ඔතනට දෙන්න. Username, Password දෙනකොට අමාරු දෙකක් දෙන්න අමතක කරන්න එපා.

දැන් Install click කරන්න.

WordPress install on cPanel

දැන් ඔයගේ වෙබ් අඩවිය හදලා ඉවරයි. දැන් තියෙන්නේ එක ඔයාට ඕන විදියට customize කර ගන්න එක. ඔයාට දැන් ලැබිල තියෙන පලවෙනි link එක click කරොත් ඔයාගේ web site එක දැන් පෙන විදිය බලා ගන්න පුළුවන්. 

ඔය WordPress 2020 default theme එක. අලුතෙන් WordPress install කරද්දී ඔය theme එක තමයි එන්නේ. 

දෙවනියට තියෙන link එක click කරොත් ඔයාගේ WordPress Dashboard එකට යන්න පුළුවන්. එහෙම නැත්තන් ඕන වෙලාවක උ.දා : mywebsite/wp-admin  type කරලා ඔයාගේ WP-Dashboard එකට යන්න පුළුවන්.


වෙබ් අඩවිය customize  කිරීම.

Customize WordPress website

දැන් අපිට තියෙන්නේ අපේ website එක අපිට අවශ්‍ය විදියට වෙනස් කම් කරලා, Design කරලා customize කරන එක. එක ඔයාලට හොදට තේරුම් ගන්න පුළුවන් Video එකකින් පැහැදිලි කරොත්. මේ Video එකෙන් ඒ දේවල් කතා කරනවා.

ඔය මේ වෙනකන්ම පොස්ට් එක බැලුවනම් ඔයාට අලුතෙන් WordPress වලින් වෙබ් අඩවියක් හදන හැටි ගැන තේරුම් යන්න ඇති. ඊළගට තියෙන්නේ ඔයාගේ website එක ඔයාට ඕන විදියට Design කර ගන්න.

එකට WPSinhala Channel එකේ මං videos දාල තියෙනවා. ඒවා බලද්දී ඔයාට ඔය මේ හදපු website එක ගොඩක් හොදට දියුණු කර ගන්න පුළුවන් වෙයි.

Ecommerce website එකක් හදන හැටි ගැන දන ගන්න ඕනෙනම් “How to Make an eCommerce Website in Sinhala” එක බලන්න. මුල ඉදන් සම්පුර්ණ tutorial එකක් එක ගැන තියෙනව.

ප්‍රශ්න තියෙනවනම් පහලින් Comment කරන්න. එහනම් Thank You WPSinhala එක්ක එකතු උනාට…

WordPress Sinhala FAQ

What is WordPress

WordPress කියන්නේ අපිට කිසිම coding දැනුමකින් තොරව වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන් CMS (content management system) එකක්.

How to Make Website Sinhala

WordPress හරහා ඔයාට අවශ්‍ය විදියේ website එකක් ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන්. WordPress පාවිච්චි කරලා website හදන හැටි WPSinhala.com වෙබ් අඩවියෙන් සහ YouTube Channel එකෙන් ඔයාට ඉගන ගන්න පුළුවන්.

How to Install WordPress

WordPress කියන්නේ CMS එකක්. ඔයාට Hosting සහ Domain එකක් අරගෙන WordPress Install කරලා ඔයාගේ website එක හදන්න පුළුවන්.

Responses

Your email address will not be published. Required fields are marked *

      1. oyaata godak subapathanawaa e wagema sthuthi karanawa me hamotama udau karana eka gana. matath danaganna oni ikman wage add dana web eka thulama online store ekak hadanna puluwanda kiyala. udau oni yaluwa..

  1. Bro mata sciense web ekk hadanna oni ekata galapena theme ekk denna plwnda

  2. domein ganna kalin wordpress install karala web eka hadala passe domain ganna barida

  3. elementor free vershion version eken sing up page ekak hadanna puluwanda
    pro ekennam puluwa wage .wena kramayak nadda ,thanks malli oyata oyage video ekak balala math site ekak haduwa

      1. Mama web site eka haddaddi domain eka aragena hosting ekata pay karala c panel ekata log wenna yaddi eka interface eke pennanne ne ?
        kohomada c panel ekata yanne

  4. 1,Ecommerce site ekak hadanna me weddi free ganna thiyena hondama template eka mokadda
    2 new zealand වල ඉන්න කේනෙක්ට කියල paypal account එකක් හදාගෙන එක හරහා මුදල් ලන්කාවට ගෙන්වගන්නෙ කොහොමද
    3math asai dropshipping karanna eka gana mata thawa hadaranna awashyai ekatath kramayak kiyala denna
    Thanku

    1. Free themes gdk tynwa. oya hadanna yana website eka anuwa thamai thoraganna one.
      NZ walin PayPal hadala ehe bank ekakakata withdraw kara;a, passe bank eken mehe bank ekata ganna salli.

  5. Can you say me what kind of template should I use to Tourists website,

  6. Mata technical advise tikak ganna one. Puluwannam contact number ekak mail karanna. Thanks

  7. Shopify Acc ekat Godaddy domain ekak dana widiha tutorial ekak danna puluwanda?

  8. fiverr වගේ සයිට් වල web design කරනකොට client ඉල්වොත් hosting domain නැතුව site එක විතරක් හදන්න.කොහොමද කරන්නෙ?

  9. Malli mama website eka haduwe AWS consol free hosting use karala.dan mata a2 hosting walata change karanna puluwanda?

  10. Dear Thushara,

    Thank you for your WordPress sinhala tutorial. I got more knowledge about WP using your tutorial. Thank again.

    Please may I know,

    01). Can we develop the Web application like “POS or Stock Management Application” using WP as your tutorial ? (WP connecting with Mysql Database)

    02).Can we develop the web site or web application installing WP to my local computer ?

    Thank You.

    chandana

    1. You can install and use wp locally on ur pc.

      U can use wp to create a pos like system. you’ll need to get a wp developer for that

  11. wordpress site eka design karana kota pictures add karaddi creative commons images da add karanna ona?wena images upload karata passe copyright issues enwd?adsense gnna nm images copyright wenna barid?
    plz reply and thanks for your video tutorials.

  12. aiye mata news tec website ekake hadaganna honda wordpress theme ekake ganna puluwan weida?

  13. tnx malli oyage video ekata.man host blast eken hosting gate.eka pork bun ekata connect karanna bane.

  14. classified-ads theme එකෙන් ads දාන්න වෙබ් සයිට් එකක් හදන්න පුළුවන්ද? ඒ theme එක නොමිලේ install කරන්න දෙන නිසා ඇහුවේ.

  15. Malli,man oyage video balagena web page eka hadagatta.godak thanx,
    mage page title enne ingrisi hodiye piliwelata.eka mata oni piliwelata wenas karaganne kohomada.video ekak kalath kamaknaha,hamotama wadagath wei.

  16. malli,
    ape domein eke kotasak web browser eke type karahama ape full page ekama thyena ape web page eka pennanna api monahari pluging add karanna onida?
    ex – My web adress suwa Aruna (Pvt) Ltd.
    apiy suwa kiyala type karahama web list eke ape eka enna pluging install karanna onida?
    help me

  17. Malli,Mage site eka load wenne nane,mehema watenawa.ekata mokada karanna puluwan?Help me
    Can’t connect securely to this page
    This might be because the site uses outdated or unsafe TLS security settings. If this keeps happening, try contacting the website’s owner.
    Try this:
    Go back to the last page

  18. Siteground, a2 හොස්ටින් වල lk domain rejister කරන්න බැහැ.

  19. Ulr එක්ක වෙනස් වෙන්නේ ඇයි
    උදාහරණයක් විදියට plans/admin/wp-edit.php?page