Facebook Instant Articles නව නීති වලට අනුව හදා ගන්න හැටි.

Facebook Instant Articles පාවිච්චි කරන, කරන්න හිතාගෙන ඉන්න අයට වැදගත් පොස්ට් එකක් තමයි ඔයාල මේ බලන්නේ.

මේ දවස්වල ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Instant Articles හරියට වැඩ නොකරන එක. මෙච්චරකල් හොදට වැඩ කරපු Accounts පවා වැඩ කරන්නේ නැති වෙලා තියෙනවා. 

ගොඩක් යට ඇවිල්ල තිබුන ප්‍රශ්නයක් තමයි මේ ” minimal readership” message  එක.

මේ විදියට Instant Articles වල ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුව තමයි Facebook එකෙන් publish කරන යට තියෙන ප්‍රවේශ වීමේ සීමා ඇති කිරීම. Security එක ගැන හිතල තමයි මේ විදියට අලුත් නීති සහ ආරක්ෂක ක්‍රම ඇතුලත් කරලා තියෙන්නේ.


මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් Facebook එකෙන් අපිට කියල තියෙන නීති සහ සීමාවන් දන ගෙන ඉන්න එක හොදයි.

  • Instant Articles එකට පාවිච්චි කරන website එක ඔයාගෙම එකක් වෙන එක.
  • ඔබේ වෙබ් අඩවිය සම්පුර්ණ , ස්ථාවර වගේම අනු පිටපත් (duplicates ) නොමැති  articles හොදින් තිබෙන වෙබ් අඩවියක් වීම.
  • ඔබගේ වෙබ් අඩවිය ස්ථාවර වීමෙන් පසු Instant Articles භාවිතා කරන්න. (ඔබගේ වෙබ් ආවිය අලුත්නම් එය හොදින් යම් කාලයක් පවත්වාගෙන ගොස් Instant Articles භාවිත කරන්න.)
  • ඔබගේ වෙබ් අඩවිය තුල නීති විරෝධී, නොමඟ යවන සුළු හෝ කාමුක දර්ශන, වැඩිහිටි නිෂ්පාදන හෝ සේවා, අනවසර,  පිළිකුල් සහගත දේ , ආයුධ විකිණීම, ව්‍යාජ පුවත් ආදී ද වලින් තොර විය යුතුයි.

බලමු ඔයාගේ Facebook Instant Articles account එකත් වැඩ කරන්නේ නැති වෙලා නම් එක හදාගන්න පුළුවන් විදිය.

1.  සක්‍රීයව පොස්ට් නොදැමීම.

ඔය දිගටම මුකුත් Publish නොකර හිටියනම් අන්න ඒ හේතුව නිසා ඔයාට ඔයාගේ Instant Articles වල access නැති වෙලා තියෙන්න පුළුවන්. Facebook එක කියන විදියට අඩුම තරමින් දින 90කට එක පොස්ට් එකක්වත් Publish කරන්න ඕනේ.

ඔයත් කාලෙකට මුකුත් publish නොකර හිටියනම් මේක වෙන්න පුළුවන් හේතුව. මේක විසඳ ගන්න හොදම විදිය තමයි Articles නැත්තන් පොස්ට් 10ක් හදන්න. හදල අයෙත් Review කරන්න Submit කරන්න.

2.  අඩු පාඨක පිරිසක් සිටීම.

ඔයාගේ Articles කියවන පිරිස අඩු නම් එකත් හේතුවක් වෙනවා ඔයාට මේ ප්‍රශ්නේ එන. Facebook එක බලනවා ඔයා දාන articles usersla කියවනවද කියලා.

ඔයා මේකට කරන්න ඕන දේ තමයි හොද articles දාන්න. Articles 10ක් වගේ හදලා Submit වෙන්න දන්නා. ඒ වගේම ඔයාගේ Articles Share කරලා ගොඩක් අයව ඒවා read කරන්න සලස්වන්න.

ඔය දේවල් කරලා බලන්න ඔයාට ප්‍රශ්නයක් නැතුව instantArticles පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අත්‍යවශ්‍යම දේ තමයි ඔයා හොද මිනිස්සුන්ට වැදගත්, එයාල කියවන්න කැමති දේවල් දන්නා ඔයාගේ වෙබ් අඩවියට අදාළ. ඔයාගේ වෙබ් අඩවියට traffic එකක් තියෙනවනම් බය වෙන්න දෙයක් න ඔයාට aprrove එක ලේසියෙන්ම ගන්න පුළුවන්.

ඔයාගේ website එක අලුතන්ම් ටික කාලයක් අරගෙන නවතින්නේ නැතුව එක දිගට කරගෙන යන්න. එක තම ඔයාගේ website එකේ සාර්ථකත්වයට රහස…

3 comments

Leave your comment